නැගෙනහිර ජැටිය ඉන්දියාව සමග හවුල් ගිවිසුමකට.. කැබිනට් පත‍්‍රිකාව ඇමති රෝහිතගෙන් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 19, 2020

නැගෙනහිර ජැටිය ඉන්දියාව සමග හවුල් ගිවිසුමකට.. කැබිනට් පත‍්‍රිකාව ඇමති රෝහිතගෙන් !

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගම සමග එක්ව කටයුතු කිරීමට ඉදිරිපත් කර ඇතැයි කියන කැබිනට් පත්‍රිකාවක් අන්තර්ජාල මාධ්‍ය විසින් ප‍්‍රසිද්ද කර ඇත.

වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඔක්තෝබර් 22 දින යටතේ ඉදිරිපත් කර ඇත.

ඒ අනුව වූ එම පර්යන්තයේ මෙහෙයුම් වලින් 49% ඉන්දියාවට ද වරාය අධිකාරියට 51%ද අයිති සහිත සමාගමක් පිහිටුවීමට අවශ්‍ය බවද සඳහන් කර ඇත.

ඒ සඳහා අනුමැතිය ඉල්ලන ලද කැබිනට් පත්‍රිකාවක් සමාජ ජාලයන්හි සංසරණය වෙමින් තිබේ.

මීට පෙරද ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර ඇත්තේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාය සමග හවුල් ගිවිසුමකට යාමට සූදානම් කර ඇති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad