හිස්බුල්ලාගේ නැගෙනහිර ජිහාඩ් කණ්ඩායම ආයුධ බාර නොදෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 25, 2020

හිස්බුල්ලාගේ නැගෙනහිර ජිහාඩ් කණ්ඩායම ආයුධ බාර නොදෙයි

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා විසින් මෙහෙුයවනු ලබන නැගෙනහිර ජිහාඩ් කණ්ඩායමේ අවි ආයුධ මෙතෙක් භාර දී නැතැයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ දී හෙළිවිය. විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එඩිසන් ගුණතිලක මහතා පෙන්වා දුන්නේ නැගෙනහිර පළාතේ සන්නද්ධ මුස්ලිම් කණ්ඩායම් ද 18න් එකක් මෙහෙයවනු ලැබුවේ හිස්බුල්ලා මහතා විසින් බවයි.

එම කණ්ඩායමේ සාමාජිකයන් සතුව ගිනි අවි සහ ජීව අත්බෝම්බ ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

මෙම ජිහාඩ් සන්නද්ධ මුස්ලිම් කණ්ඩායම 18 ටම තමන් සතු වූ අවි ආයුධ භාරදෙන ලෙස නියෝග කර තිබුණද හිටපු ආණ්ඩුකාරවරයා එම නියෝගයට අනුව මෙතෙක් ඔහුගේ කණ්ඩායමේ ආයුධ භාරදී නැතැයිද හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයා සාක්‍ෂි දුන්නේය.


No comments:

Post a Comment

Post Bottom Ad