පිටපලාත්වල කොරෝනා ලෙඩුන් අනුරාධපුර රෝහල්වල පුරවලා.. ඒකට ඉඩ දෙන්න බෑ - චන්දිම ගමගේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 24, 2020

පිටපලාත්වල කොරෝනා ලෙඩුන් අනුරාධපුර රෝහල්වල පුරවලා.. ඒකට ඉඩ දෙන්න බෑ - චන්දිම ගමගේ

පිටපලාත් වල සිටින කොරෝනා ආසාදිතයන් ගෙනැවිත් දැමීමෙන් අනුරාධපුරය අවදානම් තත්ත්වයට පත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා සඳහන් කරයි.

අද වන විට අනුරාධපුරයේ නොච්චියාගම මැදවච්චිය තම්මැන්නාගම රෝහල්වලට පිටපලාත් කොරෝනා ආසාදිතයන් ගෙනැවිත් දමා ඇතැයිද ඔහු පැවසීය.

ඒ හේතුවෙන් බස්නාහිර පළාත සේම අනෙකුත් පළාත්ද අරාජික කරමින් ඇති බවත් එහි මූලාරම්භය අනුරාධපුරයෙන් පටන් ගෙන ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවිත අවධානය දමමින් සිදු කරන මෙම ක්‍රියාවට විරෝධය පළ කරන බවත් ඔහු තවදුරටත් කියා පැවසීය.

තම නිවසේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad