කොරෝනා පොකුරු රට පුරා බිහිවීමේ අවදානමක්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 22, 2020

කොරෝනා පොකුරු රට පුරා බිහිවීමේ අවදානමක්..

කොරෝනා පොකුරු දිවයින පුරා තවදුරටත් නිර්මාණය වීමේ අවදානමක් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.
එවන් පොකුරු ආයතන තුළ නිර්මාණය වීම වළක්වා ගැනීමට ආයතන ප්‍රධානීන්ට, කාර්ය මණ්ඩලයට හා ඒවාට එන අයටද විශාල වගකීමක් ඇතැයිද ඔහු පැවසීය.

එක් සේවකයකු ආසාදිත වූ පසු ආයතනයේ කාර්යය මණ්ඩලයේ විශාල වශයෙන් ආසාදිත වීම සිදු විය හැකි බවද ඔහු සඳහන් කරයි.

දැනටත් එවන් තත්වයන් පොලිසිය, බන්ධනාගාරය, නාවික හමුදාව වැනි ආයතන තුළ අත්විදිමින් සිටින බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad