ලක්‍ෂ 169ක මාසික කුලියට අධිකරණ අමාත්‍යංශය ලෝක වෙලද මධ්‍යස්ථානයට.. කෝටි 41ක් අනුමතයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 7, 2020

ලක්‍ෂ 169ක මාසික කුලියට අධිකරණ අමාත්‍යංශය ලෝක වෙලද මධ්‍යස්ථානයට.. කෝටි 41ක් අනුමතයි

ලක්‍ෂ 169ක් මාසික කුලියකට අධිකරණ අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කොටසක් කුලියට ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි. ලෝක වෙළඳ මධ්‍යස්ථානය නැගෙනහිර කුළුණේ 20 21 22 සහ බටහිර කුළුණේ 22වන මහලේ වර්ග අඩි 35000 මෙසේ කුලියට ගැනීමට නියමිත යයිද සදහන්ය.

2021 ජනවාරි මාසයේ සිට 2022 දෙසැම්බර් මාසය දක්වා මෙම කාලයට අදාළ ඉඩ ප්‍රමාණයක් ලබා ගැනීමට කැබිනට් යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ඒ සදහා රුපියල් කෝටි 41ක මුදලක් ලබා දෙන ලෙස අදාළ කැබිනට් පත්‍රිකාවෙන් අනුමැතිය ඉල්ලා තිබූ බවද එම වාර්තා කියයි.

ඒ අනුව ලබන ජනවාරි මාසයේ සිට අධිකරණ අමාත්‍යාංශය එම ස්ථානය පිහිටුවීම සඳහා කටයුතු සූදානම් කරමින් පවතිව බවද සදහන්ය.


No comments:

Post a Comment

Post Bottom Ad