2021 අයවැය වැඩි ඡන්ද 97 කින් සම්මතයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 10, 2020

2021 අයවැය වැඩි ඡන්ද 97 කින් සම්මතයි !

2021 වසර සඳහා වන අයවැය තෙවැනි වර කියවීම වැඩි ඡන්ද  97කින් අද (10) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද  151ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 54ක් පමණි.

නොවැම්බර් 17 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ මෙරට 75වැනි අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසුම පසුගිය 21වැනිදා පැවැති අතර එය වැඩි ඡන්ද 99කින් සම්මත වූ අතර ඉන්පසු නොවැම්බර් 23 වැනිදා සිට දෙසැම්බර් 10වැනිදා දක්වා අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්විණි.

ඒ අනුව මේ වසරේ අවසන් වරට පාර්ලිමේන්තුව අද රැස්වූ අතර මීළඟ සභා වාරය එළැඹෙන 2021 වසරේ ජනවාරි 05 වැනිදා පැවැත්වීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad