යහපාලන දෙදෙනෙක් හෝටලයකට ලක්‍ෂ 54ක පොලු තියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 8, 2020

යහපාලන දෙදෙනෙක් හෝටලයකට ලක්‍ෂ 54ක පොලු තියයි


පැවැති යහපාලන රජයේ ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකු විසින් සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය යටතේ පවතින සමුද්‍ර හෝටලයේ නවාතැන් ගැනීම සහ ආහාර පාන ලබා ගැනීම වෙනුවෙන් ගෙවිය යුතු මුදල් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තා වෙයි.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක නියෝජනය කරන මෙම හිටපු ඇමතිවරුන් දෙදෙනා රුපියල් ලක්ෂ 54ක මුදලක් එම හෝටලයට ගෙවීමට නියමිතව ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරයාගේ නිවස අලුත්වැඩියා කිරීම නිසා ඔහු හෝටලයේ මාස 18ක කාලයක් නතර වී සිට ඇති අතර ඔහු සහ ඔහුගේ පිරිස රැඳී සිටි කාලයේ වෙනුවෙන් රුපියල් ලක්ෂ 40 මුදලක් ගෙවිය යුතුව ඇතත් එය මෙතෙක් නොගෙවීම සම්බන්ධයෙන් නඩු පැවරීමට හෝටල් කලමනාකරණ ආයතනය නීතිපතිවරයා වෙත කරුණු වාර්තා කර ඇත.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන අනෙක් හිටපු ඇමැතිවරයා එම හොටලයෙන් ලබාගත් ආහාරපාන හා වෙනත් පහසුකම් වෙනුවෙන් ගෙවිය යුතු මුදල රුපියල් ලක්ෂ 14 කි.

එම මුදල් කඩිනමින් ගෙවන ලෙස දන්වා අදාළ හිටපු ඇමතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad