රැඳවියන් අතර වේගයෙන් උණ පැතිරිලා.. මහර රැඳවියන්ගේ උද්ඝෝෂණය සාධාරණයි – පංච පුද්ගල කමිටුව කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 9, 2020

රැඳවියන් අතර වේගයෙන් උණ පැතිරිලා.. මහර රැඳවියන්ගේ උද්ඝෝෂණය සාධාරණයි – පංච පුද්ගල කමිටුව කියයි

හර බන්ධනාගරයේ උණ රෝගය පැතිර තිබීම හේතුවෙන් තම ජීවිත ආරක්ෂාව පතා රැඳවූවන් ආරම්භ කළ උද්ඝෝෂණය සාධාරණ බව මහර සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පත්කළ පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාවේ සඳහන්වේ.

කොවිඩ් වැළඳුණු රෝගීන් විශාල සංඛ්‍යාවක් මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින බව දැනගත් පසුව හා බන්ධනාගාරයේ තිබූ දැඩි තදබදය නිසාත් ඇති වූ ජීවිත අවදානම මත රැඳවූවන් උද්ඝෝෂණය කර ඇත්තේ නිලධාරීන්ගේ කඩිනම් විසඳුම් ලබාගැනීමේ දැඩි අපේක්ෂාවෙන් බවට නිරීක්ෂණය වන බවද කමිටුව සඳහන් කරයි.

අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් විවිධ කල්ලි සිය පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීම සඳහා එකිනෙකාට පහරදීම් සිදුකර ඇතැයි ද වාර්තාවේ දැක්වේ.

ගැටුම අවස්ථාවේදී රැඳවූවන් සතුව ගල්, මුගුරු, යකඩ පොලු, මන්න, කඩු, පිහි මෙන් ම ගිනි තැබීම සඳහා බොයිලේරුවෙන් ලබාගත් තෙල් ද තිබී ඇති මුත් කිසිවකු අත ගිනි අවි තිබී නැතැයි ද ගිනි අවි තිබී ඇත්තේ බන්ධනාගාරයේ නිලධාරීන් සන්තකයේ පමණක් බව ද එම ගිනි අවි පාවිච්චි කර ඇත්තේ ඔවුන් පමණක් බව ද වාර්තාවේ සඳහන් වේ.

29 වැනිදා රාත්‍රියේ ඇති වූ ගැටුම විශාල පිරිසක් සම්බන්ධ වී ඇති අතර බන්ධනාගාර නිලධාරීන් විසින් වරින්වර වෙඩි තැබීම සිදුකර ඇතැයි ද පිටතින් කැඳවූ ආරක්ෂක අංශ විසින් වෙඩි තබා නැති බව ද වාර්තාවේ දැක්වේ. පසුදා එනම් 30 වැනිදා සවස ද රැඳවූවන් ඇතුළත ගේට්ටුව අසලට පැමිණ වතුර ඉල්ලමින් කෑ ගසා ඇත. එම අවස්ථාවේ දී කලහකාරීන් පාලනය කිරීමට නිලධාරීහු වෙඩි තබා අතැයි ද වාර්තාව කියයි.

-emanisa


No comments:

Post a Comment

Post Bottom Ad