උලමා සංවිධානයේ සභාපති’පාස්කු කොමිසමට’ වටලප්පන් දීලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 10, 2020

උලමා සංවිධානයේ සභාපති’පාස්කු කොමිසමට’ වටලප්පන් දීලා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවට සාක්ෂි දීමට ඊයේ (10 වැනිදා) පැමිණි සමස්ත ලංකා ජයමියතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මුෆ්ති සැකකටයුතු පාර්සල් කිහිපයක් කොමිෂන් සභාව ඇතුළට රැගෙන ගොස් තිබෙනවා. පසුව ඒ පිළිබඳ සොයා බැලීමේදී එම පාර්සල්වල තිබී ඇත්තේ වටලප්පන් බව තහවුරු වී තිබුණා.

ඊයේ (10 වැනිදා) සාක්ෂි දීමට පැමිණි සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මුෆ්ති කොමිසම් සභාවට ඇතුළු වන අවස්ථාවේ බාහිරින් ආවරණය කරන ලද කිසිවක් සභාව ඇතුළට රැගෙන යන අයුරු මාධ්‍යවේදීහු නිරීක්ෂණය කර තිබෙනවා.

මේ පිළිබඳව කොමිසම් සභාව ඉදිරිපිට සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන්ගෙන් සිදුකළ විමසීමකදී කියා සිටියේ එම පාර්සල් පරීක්ෂාවට ලක් කළ අතර, එහි වටලප්පන් තිබෙන බව නිරීක්ෂණය වූ බවයි. එය කුමකට රැගෙන යන්නේ යැයි විමසූ විට ‘කොමිසම් සභාවේ නිලධාරීන්ට දීමට රැගෙන යන බව’ සඳහන් කළ බවයි.

පොලිස් නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ වෙනත් දිනවලදීද කොමිසම් සභා අභ්‍යන්තරයේ රජයේ නීතිඥ මණ්ඩලය ආහාර රැගෙන යන බැවින් මෙම පාර්සලය රැගෙන යාම සම්බන්ධයෙන්ද විරුද්ධ නොවූ බවයි. කොමිසම් සභාවේ සේවකයකුද පැමිණ එම පාර්සල් අභ්‍යන්තරයට ගෙන යාමට සහාය වූ බව ​පොලිසිය පවසා තිබෙනවා.

කෙසේ වෙතත් ඉන් මොහොතකට පසු මාධ්‍යවේදීන්ට නිරීක්ෂණය වූයේ අදාළ පාර්සල් ජමෙයිතුල් උලමා සංවිධානයේ සභාපතිවරයා පැමිණි මෝටර් රථයට යළි දමාගන්නා ආකාරයයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ සභාව මෙතෙක් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නැහැ.


No comments:

Post a Comment

Post Bottom Ad