මෙරට රාජ්‍ය නායකයින් පත් කිරීම පිටුපස විදේශ කුමන්ත්‍රණයක්? – දයාසිරි ජයසේකර - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 10, 2020

මෙරට රාජ්‍ය නායකයින් පත් කිරීම පිටුපස විදේශ කුමන්ත්‍රණයක්? – දයාසිරි ජයසේකර

මාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රශ්ණ කර සිටින්නේ; 2015 සිට මෙරට ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන් පත් වන්නේ විදේශ රටවල බලපෑම් මත දැයි සැක සහිත බවයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රසිද්ධිය; පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය හේතුවෙන් එකවරම කඩා වැටුණු බවද, එනිසා ඔහු ඉවත් කර වෙනත් ජනාධිපතිවරයෙකු පත්වීමට ද එම ප්‍රහාරය හේතු වූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය වැටලීම් වැනි දේ හරහා ප්‍රසිද්ධියක් ලබා සිටි බවත් ඔහු ගෙදර යවා වෙනත් ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට අවශ්‍ය වූයේ කාට ද යන්න ගැටළු සහගත බවත් ඔහු පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad