ළමා සහ කාන්තා අපයෝජකයින් ඇතුළු අපරාධකරුවන්ගේ ජායාරූප මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට - අමාත්‍ය සරත් වීරසේකර - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 12, 2020

ළමා සහ කාන්තා අපයෝජකයින් ඇතුළු අපරාධකරුවන්ගේ ජායාරූප මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට - අමාත්‍ය සරත් වීරසේකර

අපරාධ, ළමා අපයෝජන, කාන්තා දුෂණ වලට චෝදනා ලබන පුද්ගලයින් හඳුනා ගෙන අත්අඩංගුවට පත්වූ පසු ඔවුන් ගේ ජයාරූප සහ නම් ජනතාව දැනුවත් කිරීම සඳහා ප්‍රචාරය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසනවා.

අපරාධ සිදුකරනු ලබන පුද්ගලයින්ට දැඩි දඬුවම් පැමිණවිය යුතු බවත් එමෙන්ම එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් සමාජයද දැනුවත් කිරීම සිදුකළ යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

මේ අතර පසුගිය 08 වෙනිදා වේවැල්දෙණිය ප්‍රදේශයේදී තරුණයෙකුට ඉතා අමානුෂීය අන්දමින් පහර දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ෂණයක් අනුව සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව එම සැකකරුවන් තිදෙනා, ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය සහ පහර දීමට යොදා ගත් පොල්ලක් සහ පිහියද පොලිස් භාරයට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

sarath weerasekara contact number
sarath weerasekara contact number


No comments:

Post a Comment

Post Bottom Ad