ජනාධිපති ලේකම්ගේ ලියුමෙන් මහජන උපයෝගීතා කොමිසම අහෝසි කරන්න බෑ.. එය කල හැක්කේ පාර්ලිමේන්තු පනතකින් පමණයි - කැබිනට් ප‍්‍රකාශක - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 8, 2020

ජනාධිපති ලේකම්ගේ ලියුමෙන් මහජන උපයෝගීතා කොමිසම අහෝසි කරන්න බෑ.. එය කල හැක්කේ පාර්ලිමේන්තු පනතකින් පමණයි - කැබිනට් ප‍්‍රකාශක

හජන උපයෝගීතා කොමිසම අහෝසි කළ හැක්කේ ලිපියකින් නොව පාර්ලිමේන්තුවට ගෙන එන පනතකින් බව කැබිනට් ප්‍රකාශක ඇමැති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. එම කොමිසමෙන් බලාපොරොත්තු වූ අරමුණු ඉටු වූයේද, නැතිනම් ගන්නා පියවර කුමක්ද, කොමිසමේ කාර්යභාරය කුමක්ද යන්න පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දීර්ඝ සාකච්ඡාවක් ඇතිවූ බවද ඒ මහතා පැවසීය.

එය අහෝසි කිරීමක් මෙතෙක් සිදුව නැති බවත් ඒ ගැන සාකච්ඡාවක් පමණක් ආරම්භ වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

අද පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී ඒ මහතා මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් ලිපියක් මගින් මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත දැනුම්දී ඇත්තේ මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

දැනට එම කොමිසමේ සේවය කරන නිලධාරීන් වෙනත් සේවා ස්ථාන වලට අනුයුක්ත කරන ලෙස ද එකී ලිපියේ දැක්වේ.


No comments:

Post a Comment

Post Bottom Ad