විද්වත් කමිටුව කොරෝනා සිරුරු භූමදානයට අවසර දීලා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 31, 2020

විද්වත් කමිටුව කොරෝනා සිරුරු භූමදානයට අවසර දීලා !

කොරෝනා මළ සිරුරු සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමර්ග පිළිබද සෙවීමට පත් කළ විද්වත් කමිටුව සිය අවසන් වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත බාර දී ඇති බවත්, එමගින් කොරෝනා මළ සිරුරු භූමදානය සදහා අවසර ලබා දී ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

පසුගිය කාලය පුරාම කොරෝනා මළ සිරුරු භූමදානය සම්බන්ධයෙන් විශාල මතභේදයක් පැවැති අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සදහා ආණ්ඩුව මගින් විද්වත් කමිටුවක් පත් කෙරිණ.

ඒ අනුව එම කමිටුව ඊයේ (31) දිනයේදී අදාළ වාර්තා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ලබා දීමට පියවර ගෙන තිබිණ.


No comments:

Post a Comment

Post Bottom Ad