රිශාඩ් බදුර්දීන් ට හිටවන්න තරම් පැළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව නැහැ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 31, 2020

රිශාඩ් බදුර්දීන් ට හිටවන්න තරම් පැළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව නැහැ !

භියාචනාධිකරණය රිෂාඩ් බදියුදීන්ට ලබාදුන් තීන්දුවට අනුව විල්පත්තුව, කල්ලාරු රක්ෂිතයේ පැළ සිටුවීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින පැළ කිසිසේත් ප්‍රමාණවත් නොවන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මේ නිසා අලුතින් පැළ වගා කිරීමට සිදුවන බවද එම දෙපාර්තමේන්තුව කියා සිටී.පැළ සිටුවීමට වැයවන වියදමට තක්සේරු වාර්තාව මෙමස 16 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට බාරදීමට නියමිත බවද පැවැසේ. දැවැන්ත වන විනාශයක් සිදු කරන ලද කල්ලාරු රක්ෂිතයේ නැවත පැළ සිටුවීම සඳහා වැයවන මුදලට අදාළ තක්සේරු වාර්තාව සකස් කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා කමිටුවක් පත් කරනු ලැබීය. එම කමිටුව කල්ලාරු රක්ෂිතයේ පරිසර හානිය නිරීක්ෂණය කළ බවත්, ඒ අනුව හානිය තක්සේරු කිරීම මේ දිනවල සිදු කරන බවද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. රක්ෂිත කලාපයේ අලුතින් සිටුවන පැළ අවම වශයෙන් වසර පහකට වැඩි කාලයක් රැක බලාගැනීමට සිදුවන බවත්, ඊට අදාළ සම්පූර්ණ වියදම මන්ත්‍රීවරයාගෙන් අයකර ගැනීමට සිදුවන බවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පවසා තිබෙනවා. 

අප මේ සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රයේ  විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා ප්‍රකාශ කර සිටියේ මේ වන විට තම සංවිධානය කල්ලාරු රක්ෂිත ප්‍රදේශය අධ්‍යනය කරමින් සිටින බවත් නඩු තීන්දුවට අදාල ඉඩම් ප්‍රමාණය මේ වන විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හඳුනා ගනිමින් සිටින බවත්. මෙම රක්ෂිතයේ පැළ සිටුවීම වෙනුවෙන් පරිසරයෙන් පැළ ලබාගෙන  නැවත සිටුවීම නොකල යුතු අතර ප්‍රතිවනාන්තරගත කිරීම වෙනුවෙන් අලුතින් පැල සිටුවා රෝපනය කිරීම වඩා සාර්ථක බව ප්‍රකාශ කර සිටියා . 


No comments:

Post a Comment

Post Bottom Ad