පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතාව හමුවී උපදෙස් ලබාගැනීමට ඔහුගේ නීතීඥවරුන්ට අවස්ථාව ලබාදෙන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සලකා බැලීමේ කටයුතු වලින් තමන් ඉවත් වන බව අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා අද (10) දැනුම් දුන්නේය.
පෞද්ගලික හේතුවක් මත තමන් මෙම පෙත්සම සලකා බැලීමේ කටයුතු වලින් ඉවත් වන බවයි ඒ මහතා අද එම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සඳහන් කළේ.
ඒ අනුව මෙම පෙත්සම ලබන 14 වනදා ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවන ලෙසත් ඒ මහතා නියම කළේය.
2018 ඔක්තෝබර් ආණ්ඩු පෙරළියේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණයකට එරෙහිව ගොනු කෙරුණු පෙත්සම් විභාගය ඇතුළු තීරණාත්මක නඩු කිහිපයකම නීතීඥවරයකු වශයෙන් පෙනී සිටි ප්‍රකට නීතීඥයකු වන හිජාස් හිස්බුල්ලා මහතාව පසුගිය අප්‍රේල් මාසයේ සිට අත් අඩංගුවට ගෙන රඳවාගෙන සිටින්නේ පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ ව්‍යාපාරිකයකු සමග සබඳතා පැවැත්වූ බවට වන චෝදනාවක් යටතේය.


No comments:
Post a Comment