ඇමතිවරුන් පරදා PBට ජයක්.. මහජන උපයෝගිතා කොමිසමේ සියළු දෙනා ඉල්ලා අස්වෙයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 8, 2020

ඇමතිවරුන් පරදා PBට ජයක්.. මහජන උපයෝගිතා කොමිසමේ සියළු දෙනා ඉල්ලා අස්වෙයි !

හජන උපයෝගිතා කොමිසමේ සියලුම සාමාජිකයන් ඉල්ලා අස් වූ බව එම කොමිසමේ සාමාජික අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

ඊයෙ දිනයේ එහි සාමාජිකයන් සියලු දෙනාගෙන් ඉල්ලා අස්වීමේ ලිපි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාරදුන් බව ඔහු සඳහන් කළේය.

ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් එම කොමිසම අහෝසි කර දමන ලෙස මහා භාණ්ඩාගාර ලේකම් වරයාට යොමු කරන ලද ලිපියක් හේතුවෙන් කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් පිරිසක් ඊට විරෝධය දැක්වීය.

ඔවුන්ගේ අදහස වූයේ ජනාධිපති ලේකම්ගේ ලිපියෙන් එය අහෝසි කළ නොහැකි බවත් පාර්ලිමේන්තු පනතකින් පමණක් එය අහෝසි කළ හැකි බවත්ය.

කෙසේ වෙතත් මෙම කොමිසමේ සියලු සාමාජිකයන් ඉල්ලා අස්වීම මත සම්පූර්ණයෙන්ම කොමිසම අකර්මණ්‍ය වේ.


No comments:

Post a Comment

Post Bottom Ad