"කෝ මට තාම කවුරුත් වගකීමක් බාර දුන්නේ නැහැනේ. දුන්නා නම් මම ඒක බාර ගන්නවා." යැයි ඩයනා ගමගේ මන්ත්‍රීවරිය අවධාරණය කරයි.
එහිදී ඔබ දැන් ආණ්ඩුවේ දැයි මාධ්‍යවේදියෙක් කළ විමසුමට පිළිතුරු දුන් මන්ත්‍රීවරිය "ආ දන්නේ නැද්ද? මම දැන් ගොඩක් කල් ඉදන් ආණ්ඩුවේනේ." යන්න ප්‍රකාශ කරන ලදී.
එහිදී තමා හැමදාම හරි තැන සිට ගත් බව පෙන්වා දුන් මන්ත්‍රීවරිය සමගි ජන බලවේගය අය ජනාධිපති ෆේල් කියන බවත් ජනාධිපති දැක්මක් ඇති මනුස්සයෙක් බවත් ඉදිරියේදී ඒ බව දැක ගැනීමට හැකි බව ද ප්‍රකාශ කරන ලදී.
සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය 20 වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂය ගත් තීන්දුවට එරෙහිව යමින් ආණ්ඩුවක් සමග ඡන්දය දී ආණ්ඩුවට එකතු විය.
මේ වන විට ඩයනා ගමගේ මන්ත්‍රිවරිය සමගි ජන ජනබලවේගයේ නෙරපා ඇති අතර ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට අවශ්‍ය නීතිමය පියවර ද එම පක්ෂය විසින් ගැනීමට නියමිතය.


No comments:
Post a Comment