Ayurvedic medicine - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 1, 2021

Ayurvedic medicine

කොරෝනා ආසාදිත රෝගීන්ට ආයුර්වේද ඖෂධ ලබාදීම එළඹෙන සතියේ සිට ආරම්භ කරන බව දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා පවසයි.

ඒ අනුව නාවින්න ආයුර්වේද රෝහලේ දී මෙම කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මෙතෙක් කොරෝනා ආසාදිතයන් සියලුම දෙනා බටහිර රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වල රඳවා සිටි බැවින් දේශීය හෝ ආයුර්වේද ඖෂධ ලබාදීමේදී ගැටලු රාශියක් මතු වූ බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙසේ රෝගීන්ට ලබා දෙන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද ඖෂධ පමණක් බවද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad