අලුත් ජාතික නායකයෙකු ගෙන ඒමට සූදානම්! ඇල්ලේ ගුණවංශ හිමි පළමු වරට දේශපාලන වේදිකාවට ගොඩවෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 26, 2021

අලුත් ජාතික නායකයෙකු ගෙන ඒමට සූදානම්! ඇල්ලේ ගුණවංශ හිමි පළමු වරට දේශපාලන වේදිකාවට ගොඩවෙයි

මන් වහන්සේ තවමත් දේශපාලන වේදිකාවකට ගොඩවී නොමැති බවත් තමන් වහන්සේ කතා කර තිබෙන්නේ ජාතික තලයේ වේදිකාවක පමණක් බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සඳහන් කරයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ රාත්‍රී හිරු නාලිකාවේ පැවැති වැඩසටහනකට එක්වෙමිනි.

තමන් වහන්සේ දේශපාලන වේදිකාවකට ගොඩ නොවී සිටියද ඉදිරියේදී දේශපාලන වේදිකාවකට ගොඩවීමට බලාපොරොත්තු වන බවත් නව දේශපාලන වේදිකාවක් සකස් කළ යුතු බවත් රටේ තරුණයින්ට ඒ සඳහා ආරාධනා කරන බවත් උන්වහන්සේ පැවසූහ.

දේශපාලනයට තවත් අඩුවක් තිබෙන බවත් අලුත් නායකයෙකුට තිබෙන අඩුව පිරවීමට අලුත් තරුණ ප්‍රජාවට අවශ්‍ය වටපිටාව සකස් කර දීමට තමන් වහන්සේ සූදානම් බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් වැඩිදුරටත් සඳහන් කළහ.


No comments:

Post a Comment

Post Bottom Ad