කොරෝනා මෘත දේහයන් භූමදාන-අදාහන කමිටු වාර්තාව සෞඛ්‍ය ඇමතිනියට - නිර්දේශ ඇය හෙලි නොකරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 2, 2021

කොරෝනා මෘත දේහයන් භූමදාන-අදාහන කමිටු වාර්තාව සෞඛ්‍ය ඇමතිනියට - නිර්දේශ ඇය හෙලි නොකරයි

කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් ආදාහන-භූමදානය කිරීම පිළිබඳ නිර්දේශ ලබා ගැනීමට පත් කළ විශේෂඥ කමිටුවේ වාර්තාව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත භාර දී තිබේ.

ඒ අනුව එකී වාර්තාව ඇය අධ්‍යනය කිරීමෙන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්තුරුන්ට ඉදිරිපත් කිරීමට නියමිතය.

එය මහජනයා වෙත ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ ඉන් අනතුරුව බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad