ධම්මික බණ්ඩාර මහා මුදල් කොල්ලයක.. කෝටි දහසක ආසන්න වංචාවක් යයි චෝදනා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 26, 2021

ධම්මික බණ්ඩාර මහා මුදල් කොල්ලයක.. කෝටි දහසක ආසන්න වංචාවක් යයි චෝදනා !

කොරෝනා සඳහා ඖෂධයක් සොයා ගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් දන්ත වෛද්‍යවරයෙකුට පහරදීම සම්බන්ධයෙන් රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය විරෝධය පළ කරයි. එම සංගමය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ධම්මික බණ්ඩාර මහතා ප්‍රාදේශීය මැරවරයෙක් ලෙස කටයුතු කරමින් සිටින බවයි.

සංගමයේ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් වහාම නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

ධම්මික බණ්ඩාර මහතා විසින්ම කියන ආකාරයට හතලිස් ලක්ෂයක් සඳහා එම ඖෂධ බෙදා දුන්නේ නම් ඉන් පන් ලක්ෂයක් නොමිලේ බෙදා දුන්නද ඉතිරි ලක්‍ෂ 35 සදහාම රුපියල් 2,500 බැගින් මුදල් අය කලේ නම් අති විශාල මුදලක් එක් කරගෙන ඇති බවත් ඔහු සිදු කරන්නේ මහා මුදල් මංකොල්ලයක් බවටත් ඔහු චෝදනා කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad