මෛත්‍රීපාලට පොහොට්ටුවෙන් සැර උත්තරයක් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 5, 2021

මෛත්‍රීපාලට පොහොට්ටුවෙන් සැර උත්තරයක් - (video)

ලංකාවේ ඇතුළත ප්‍රශ්න පිළිබදව විදේශීය මාධ්‍ය සමග සාකච්ජා කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ හිටපු ජනාධිපති සහ සන්ධානයේ සාමාජික පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ‘ද හින්දු’ පුවත්පතට ‍‍‍ ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත විවේචනයට ලක් කරමින් ලබා දී තිබූ සම්මුඛ සාකච්ජාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

යම් ප්‍රශ්නයක් තිබේ නම් එය සාකච්ජා මාර්ගයෙන් ආණ්ඩුව ඇතුළේම විසදාගත හැකිව තිබූ බවද ඒ මහතා අවධාරණය කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad