ජනාධිපතිට කුරාණයේ නීති වෙනස් කරන්න බෑ.. සල්ලි තියෙන එකා කසාද 04ක් බැන්දම ප‍්‍රශ්ණෙ මොකක්ද? - අසාද් සාලි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 9, 2021

ජනාධිපතිට කුරාණයේ නීති වෙනස් කරන්න බෑ.. සල්ලි තියෙන එකා කසාද 04ක් බැන්දම ප‍්‍රශ්ණෙ මොකක්ද? - අසාද් සාලි

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූවා කියා කුරානයේ ඇති නීති වෙනස් කළ නොහැකි බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සඳහන් කරයි.

එසේ වෙනස් කලද මුස්ලිම් ජනතාව එය පිළිගන්නේ නැතැයි ද පවසන ඔහු මුස්ලිම් නීති වෙනස් කලද මුස්ලිම් ජනතාවගේ ජීවන රටාවන් නීති වලින් වෙනස් කළ නොහැකි යයිද කියා සිටී.

මුස්ලිම් ජාතිකයෙකු විවාහ කීපයක් සිදු කරන්නේ හැකියාව අනුව බවත් රැක බලා ගැනීමට හැකියාවක් ඇතිනම් විවාහ තුනහතරක් සිදුකරගැනීමේ ප්‍රශ්නයක් කුමක්දැයි ඔහු විමසා සිටියේය.

බහු විවාහ සිදු කර ගන්නේ තවත් අයට පිහිට වීමේ අරමුණින් බව ද ඒ මහතා පෙන්වා දෙයි.

එනිසා මුස්ලිම් නීති වෙනස් කිරීමට උත්සාහ කර අනවශ්‍ය අර්බුද නිර්මාණය කිරීමට කටයුතු නොකරන ලෙසද ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ඔහු පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad