හරීන් සාපෙළ සිංහලත් ෆේල්….? ආගමත් ෆේල්…..? ප්‍රතිඵල ලේඛනය ෆේස්බුක් එයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 1, 2021

හරීන් සාපෙළ සිංහලත් ෆේල්….? ආගමත් ෆේල්…..? ප්‍රතිඵල ලේඛනය ෆේස්බුක් එයි

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුගේ අපොස සාමාන්‍ය පෙළ සහතිකය යැයි හඳුන්වන සහතිකයක් සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වෙමින් පවතී.

එම සහතිකයට අනුව හරීන් ප්‍රනාන්දු අපොස උසස් පෙළ කිරීමට සුදුසුකම් ලබා නැත. එහෙත් පසුගිය දිනක ඔහු සිය උසස් පෙළ සහතිකය යැයි කියමින් විභාග සහතිකයක් සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහැර තිබිණි.

මේ අතර සමාජ මාධ්‍යවල සංසරණය වන විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ සහතිකය ව්‍යාජ්‍ය සහතිකයක් බව කියමින් ඔහුගේ පාසලේ නිළ මුද්‍රාව සහිතව තවත් සහතිකයක් සමාජමාධ්‍ය වෙත මුදාහැර තිබේ.

මේ වන විට අදාළ සහතික දෙක අතරින් සත්‍ය සහතිකය කුමක් දැයි සමාජමාධ්‍යවල සංවාදයක් ගොඩනැඟී තිබේ. සත්‍ය සහතිකය යැයි පසුව ඉදිරිපත් කළ සහතිකයෙහි English Litreture ලෙස වැරදියට මුද්‍රණය කර තිබීම ද විශේෂත්වයකි.


No comments:

Post a Comment

Post Bottom Ad