නෑ නෑ කියූ පිළිකා පොල්තෙල් බවුසර් දෙකක්‌ අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 30, 2021

නෑ නෑ කියූ පිළිකා පොල්තෙල් බවුසර් දෙකක්‌ අත්අඩංගුවට


ඇල්ෆාටොක්සින් නමැති විෂ සහිත පිළිකා කාරක පොල්තෙල් සහිත බවුසර් විවිධ ප‍්‍රදේශවල ස`ගවා ඇති බවට ලැබී ඇති තොරතුරු මත පොලිසිය එම බවුසර් සොයා පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

මෙම පිළිකා කාරකය අඩංගු බවට සැකකරන විස සහිත පොල්තෙල් ලීටර් 55,000 ක් සහිත බවුසර් දෙකක් දංකොටුව ප‍්‍රදේශයේ පොල්තෙල් ගබඩාවක ස`ගවා තිබියදී දංකොටුව පොලිසිය මගින් ඊයේ (30 ) අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම බවුසර් දෙක අත්අඩංගුවට ගැනීමෙන් පසු එවැනි තවත් බවුසර් රටපුරා විවිධ ප‍්‍රදේශවල ස`ගවා තබා ඇති බවට මතුවූ සැකය මත පොලිසිය මෙම මෙහෙයුම් ආරම්භ කර තිබේ.

මෙහිදී අත්අඩංගුවට ගත් බවුසර් දෙකේ රියැදුරන් දෙදෙනාගෙන් පොලිසිය ප‍්‍රකාශ ලබාගත් අතර පසුව ඔවුන් මුදා හැර ඇත.

අත්අඩංගුවට ගත් පිළිකා කාරක විෂ සහිත තෙල් බවට සැකකරන පොල්තෙල් සාම්පල් රජයේ රසපරීක්‍ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීමට දංකොටුව පොලිසිය කටයුතු කර තිබේ.

මෙම විෂ සහිත පොල්තෙල් සහිත බවුසර් දෙක පිළිබඳව දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත පෙරේදා, රාත‍්‍රියේ තොරතුරක් ලැබී තිබිණි. ඒ අනුව පොලිස් කණ්ඩායමක් දංකොටුව ප‍්‍රදේශයේ පිහිටි පොල්තෙල් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක භූමිය පරීක්‍ෂා කරීමේදී මෙම බවුස් දෙක සොයා ගැනීමට හැකි විය.

මෙම බවුසර් දෙකේ පොල්තෙල් මෙටි‍්‍රක් ටොන් 500 ක් තිබූ බව විමර්ශනවලින් හෙළිවිය. පොල්තෙල් තොග සහිත බවුසර් දෙක ආන්දෝලනයට තුඩුදී ඇති විෂ පොල්තෙල් ආනයනය කළ සමාගමකින් රැුගෙන ආ ඒවා බව විර්ශනවලින් හෙළි වී තිබේ.

පොලිසිය සැකපහළ කරන්නේ මෙම විෂ සහිත පොල්තෙල් ප‍්‍රතිඅපනයනය කිරීමට රේගුව තීරණය කිරීම නිසා අදාළ සමාගම හොර රහසේම පොල්තෙල් තොග බවුසර් වල ගබඩා කර රට පුරා ස`ගවා තබන්නට ඇති බවයි.

මේ සම්බන්ධයෙන් දංකොටුව පොලිසියෙන් කළ විමසීමකදී කියා සිටියේ දංකොටුව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පොල්තෙල් තොගය පිළිකා කාරක විෂ සහිත පොල්තෙල් නම් ඒවා ස`ගවා තබා ගැනීමට කටයුතු කළ අදාළ සමාගමේ හිමිකරුවන් ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.



හේමන්ත රන්දුණු - ධම්මික රාජපක්‍ෂ

No comments:

Post a Comment

Post Bottom Ad