බුර්කා-නිකාබ තහනමක් නෑ !- රජයෙන් නිවේදනයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 17, 2021

බුර්කා-නිකාබ තහනමක් නෑ !- රජයෙන් නිවේදනයක්

බුර්කාව හා නිකාබය මෙරට තහනම් කිරීමට රජය තීරණය කර නැතැයි විදේශ අමාත්‍යාංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරයි.

එය යෝජනාවක් පමණක් වන බවත් ඒ ගැන දැනට සාකච්ඡා වෙමින් පවතින බවත් ඔහු කියා සිටියි.

බුර්කාව හා නිකාබය තහනම් කිරීමේ යෝජනාව ගැන පළ වන මාධ්‍ය වාර්තා ගැන නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටී.

මේ සම්බන්ධයෙන් රජය සියලු පාර්ශ්වයන් සමඟ පුළුල් සංවාදයක් ආරම්භ කරනු ඇති බවත් අවසන් තීරණය ගැනීමට ප්‍රමාණවත් කාලයක් වැය වනු ඇතැයිද නිවේදනයේ තව දුරටත් සඳහන් වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad