පළාත් සභා ජන්දෙදි ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ගැලවෙයි : හෙට මෛත්‍රී දළදා මාළිගාවෙන් ජන්ද සටන අරඹයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 28, 2021

පළාත් සභා ජන්දෙදි ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ගැලවෙයි : හෙට මෛත්‍රී දළදා මාළිගාවෙන් ජන්ද සටන අරඹයි

ළඹෙන පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව වෙනම තරග වැදීම සදහා තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට (30) දිනයේදී මහනුවර දළදා මාළිගාවට ගොස් ආශිර්වාද ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.

එමෙන්ම හෙට (30) දින මහනුවරදීත්, අනිද්දා (31) මාතලේදීත් විශේෂ වැඩසටහන් කිහිපයක්ම පැවැත්වීමට හිටපු ජනාධිපතිවරයා සැලසුම් කොට ඇති බව දැනගන්නට තිබේ.

හෙට (30) හිටපු ජනපති ප්‍රමුඛ ශ්‍රීලනිප ප්‍රධානීන් මහනුවර ඓතිහාසික දළදා මාළිගාවට ගොස් දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමෙන් පසු එම වැඩසටහන ආරම්භ කිරීමටත් ඉන් පසුව මල්වතු – අස්ගිරි මහා නාහිමියන් බැහැ දැකීමටත් ශ්‍රීලනිපය තීරණය කොට ඇති අතර ඒ අවස්ථාවට සියලුම මධ්‍යම කාරක සභිකයින් සහභාගී යුතු බවට පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාද උපදෙස් දී තිබෙන බවද වාර්තා වේ.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අද (29) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගැනීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad