චීන කාබනික පොහොර දෙවැනි සාම්පලත් අසමත් වේ… - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 28, 2021

චීන කාබනික පොහොර දෙවැනි සාම්පලත් අසමත් වේ…

රසායනික පොහොර අත්හිටුවීමත් සමඟ මෙරට වගාවන්ට යෙදීම සඳහා චීනයෙන් ආනයනය කිරීමට නියමිත කාබනික පොහොර නිදර්ශක නැවත වතාවක් මෙරට පරීක්ෂණවලදී අසමත් වී තිබේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික ශාක නිරෝදායන ඒකකය මගින් සිදුකරන ද පරීක්ෂණයේදී දෙවැනි වරට ඒවා එසේ අසමත් වී ඇත.

ජාතික ශාක නිරෝධායන සේවයේ අධ්‍යක්ෂ එම්. වික්‍රමාරච්චි මහතා විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හා කෘෂිකර්ම අමාත්‍යංශයට ඊයේ දිනයේ මේ බව දැනුම් දී තිබේ.

අදාල පොහොර වලට සිදුකරන පරීක්ෂණ අනුව ඒවා ජීවානුහරණය කර නැති බවත් ක්‍ෂද‍්‍ර ජීවින් සිටින බවත් ඒ මහතා සඳහන් කර ඇත.

ඒ අනුව එම පොහොර මෙරටට ආනයනය කිරීමට සුදුසු තත්ත්වයක නැති බවත් වා ආනයනය නොකරන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad