මනූෂට එරෙහි CID පැමිණිල්ල ටෙලිකොම් විශ්‍රමික මේජර්ගේ වැඩක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 27, 2021

මනූෂට එරෙහි CID පැමිණිල්ල ටෙලිකොම් විශ්‍රමික මේජර්ගේ වැඩක්

පසුගිය ජූලි මාසයේදී සිදුවූ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මගඩිය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ පදනම්කොට සිදු කරන විමර්ශනයට ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික ස්ථානාධිපතිවරයා සිහිකැඳවීමක් එවා තිබේ.

ඒ අනුව ඒ මහතාට ලබන 30 වැනිදා පෙරවරු 09.00 ට ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික ස්ථානාධිපතිවරයා ලිඛිතව දන්වා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඔහුට මෙසේ දන්වා ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසික විජේවන්ත මහතා විසින් සිදුකළ ලිඛිත පැමිණිල්ල හා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සමූහ ආරක්ෂක නිලධාරියා වන විශ්‍රාමික මේජර් ජනරාල් නිර්මාල් ධර්මරත්න මහතා විසින් ගොනුකරන ලද පැමිණිල්ලකට අනුවය.

ඉකුත් සැප්තැම්බර් 03 වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කළ අදහස්වලට අනුව විමර්ශනයට අදාල තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එන ලෙස මන්ත්‍රීවරයාට මීට පෙරද දැනුම්දී තිබිණි.

එදින නොපැමිණීම මුල්කොට ගෙන ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයා මන්ත්‍රීවරායට නිකුත් කළ සිහිකැඳවීමේ සඳහන් වන්නේ අදාල නියෝගයට අනුව ක්‍රියා නොකිරීම දණ්ඩ නීති සංග්‍රහයේ 172 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවය.

මනූෂට පැමිණිල්ල දැමූ මේජර්ගේ පත්වීම හරි එකක්ද?

මනූෂට පැමිණිලි දැමූ මේජර්ගේ තනතුර මීට මාස දෙකකට ඉහතදී පිහිටුවන ලද්දක් බව ශ්‍රී ලංකා සියළු විදුලි සංදේශ සේවක සංගමය හෙළිකර තිබේ.

මේ පත් කිරීමෙන් සියළු පරිපාලන රෙගුලාසි ටෙලිකොම් ආයතනය විසින් කඩකර ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

එසේම යුද්ධය පැවැති සමයේදී හෝ නොවූ මෙවැනි තනතුරකට අයකු පත්කර ටෙලිකොම් ආයතනයට අනවශ්‍ය බරක් පටවා ඇති බව එම සංගමය විසින් පසුගිය 01 වැනිදා ටෙලිකොම්හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී හා ප්‍රධාන විධායක නිලධාරියා වෙත ලිඛිතව දන්වා තිබේ.

ඊට අදාළ ලිපිය පහත දැක්වේ.
 

 -srilankamirror

 

No comments:

Post a Comment

Post Bottom Ad