CID නිළිධාරීන් ගැන විමර්ශනයක් කරන්නැයි ඇමති පොලිස්පතිට කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 29, 2021

CID නිළිධාරීන් ගැන විමර්ශනයක් කරන්නැයි ඇමති පොලිස්පතිට කියයි

මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දැනුම්දීමක් සිදුකර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට අදාළව ක්‍රියා නොකිරීම පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එමෙන්ම සුදුළූණු සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ අපරාධ ඒකකය මඟින් සිදුකෙරෙමින් පවතින පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙස ද මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad