ඩඩ්ලිට බාර දී ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්නැයි කියයි… (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 29, 2021

ඩඩ්ලිට බාර දී ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්නැයි කියයි… (video)

ආණ්ඩුවේ සිටින වෙළඳ ඇමතිවරුන් කෘෂිකර්ම අමාත්‍යවරැන් දැන් ඉල්ලා අස්විය යුතු යයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

ඉන් පසු පාලනය ඩඩ්ලි සිරිසේන ඇතුළු වෙළඳුන්ට භාර දිය යුතු බවද ඒ මහතා පැවැසීය.

සහල් පිටරටින් එක ඇටයක් හෝ ආනයනය නොකරන බවත් කිලෝවක මිල රුපියල් 100 ඉක්ම වන්නට ඉඩ නොදෙන බවටත් කල කතා අතර පුස් කරමින් වෙළඳුන් විසින් මිලගනන් නියම කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

අතිශය බලවත් බලයක් ඇති ආණ්ඩුව අවසානයේ සහ වෙළඳුන් ළඟ දණ ගසා ඇති බවද පැවැසූ ඒ මහතා දැන් සියලු දෙනාම ඉල්ලා අස් යුතු බවද කියා සිටියේය.

අද කොළඹ දී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad