ජනාධිපති සමාවෙන් සිරකරුවන් නිදහස්… රන්ජන් තවමත් ඇතුළේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 3, 2022

ජනාධිපති සමාවෙන් සිරකරුවන් නිදහස්… රන්ජන් තවමත් ඇතුළේ!

74 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් නිදහස් කළ සිරකරුවන් අතර රන්ජන් රාමනායක නැති බව වාර්තා වේ. ජාතික නිදහස් දිනය වෙනු‍වෙන් ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියේ පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන් 197කට අද පෙරවරුවේ ජනාධිපති රාජ්‍ය සමාවක් ප්‍රදානය කෙරිනි.

එම සිරකරුවන් අතර රන්ජන් රාමනායක සිටිනු ඇතැයි විපක්ෂය නායකවරයා ඇතුළු බොහෝ දෙනා අපේක්ෂා කළහ.

කලාකරුවන් පිරිසක් එකතු වී ඔහුව නිදහස් කරගැනීම සඳහා ඇවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති අතේ ජනාධිපතිවරයාට සන්දේශයක් ද  යවනු ලැබුවේ.  පොහොට්ටු මන්ත්‍රී ගීතා කුමාරසිංහත් ඒ කලා කරුවන් අතර විය.

කෙසේ වෙතත් අද උදේ නිදහස ලබා බන්ධනාගාරයෙන් නිකම ගිය සිකරුවන් අතර රන්ජන් රාමනායක සිටියේ නැත.

ගාල්ල  බන්ධනාගාරයේ  සිරගතව සිටි සිරකරුවන් 08 දෙනෙකු අද (04) පෙරවරුවේ නිදහස් කළ බව ගාල්ල බන්ධනාගාරය පවසයි.

සුළුවැරදි සම්බන්දයෙන් මොවුන් සිරගතව සිටි අතර ජනාධිපති සමාව යටතේ මොවුන්ට නිදහස ලැබුණි. නිදහස ලැබු සිරකරුවන් ගාල්ල බන්ධනාගාරයෙන් පිටවයන අයුරු ඡයාරුපයේ දැක්වේ.

-ලලිත් චාමින්ද


No comments:

Post a Comment

Post Bottom Ad