බන්දුල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරයි! ‘ස්ලිට්’ එක ආණ්ඩුවට ගන්න කැබිනට්ටුව තීන්දු කරයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 7, 2022

බන්දුල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරයි! ‘ස්ලිට්’ එක ආණ්ඩුවට ගන්න කැබිනට්ටුව තීන්දු කරයි!

වෙළඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට ඊයේ (07) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දෙමින් මාලඹේ පිහිටි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (ස්ලිට්) මහපොළ භාරකාර අරමුදල යටතට නැවත පවරා ගැනීමට රජය තීරණය කර ඇත.

මහපොළ භාරකාර අරමුදල යටතේ පැවති ස්ලිට් ආයතනය පසුගිය ආණ්ඩුව සමයේ ඉදිරිපත් කළ විවිධ අණ පනත් හරහා මහපොල භාරකාර අරමුදලින් බැහැර කර ඇතැයි ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබිණි.

ඒ අනුව එම අණපනත් අහෝසි කර ,ස්ලිට් ආයතනය මහපොළ භාරකාර අරමුදලට නැවත පැවරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත .


No comments:

Post a Comment

Post Bottom Ad