IPL 2022 වෙන්දේසියට තෝරා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ ලන්සු අගයයන් මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 4, 2022

IPL 2022 වෙන්දේසියට තෝරා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ ලන්සු අගයයන් මෙන්න

IPL 2022 වෙන්දේසියට තෝරා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ ලන්සු අගයයන් මෙන්න

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ හෝ දකුණු අප්‍රිකාවේදී පැවැත්වීම කෙරෙහි න්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ඒ ඉන්දියාව තුළ කොවිඩ් වසංගත තත්ත්වය පැතිරයාම ඉහළ යාමත් සමඟ ය.

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට කටයුතු කළේය.

මේ අතර 2022 IPL  ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 23 දෙනෙකු ඇතුළත් කර තිබේ.

මෙවර ක්‍රීඩක වෙන්දේසියේ වැඩි ම ආරම්භක ලන්සුව ඉන්දීය රුපියල් ලක්ෂ 200කි.

මේ අතර, වෙන්දේසියට තෝරා‌ගෙන ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අතරින් වැඩි ම ලන්සුවක් හිමි වී ඇත්තේ, වනිඳු හසරංගට ය.

ඔහු වෙනුවෙන් වෙන් කර ඇති ආරම්භක ලන්සුව ඉන්දීය රුපියල් ලක්ෂ 100කි.

19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී දස්කම් දැක්වූ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ ද වෙන්දේසියට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

වෙන්දේසියට තෝරාගෙන ඇති ශ්‍රී ලාංකිකයින් 23 දෙනා සහ ඔවුන්ට හිමි වී ඇති ආරම්භක ලන්සුවේ අගයයන් පහත දැක්වේ.

වනිඳු හසරංග - ඉන්දියානු රුපියල් ලක්ෂ 100

දුෂ්මන්ත චමීර - ඉන්දියානු රුපියල් ලක්ෂ 50

මහීෂ් තීක්ෂණ - ඉන්දියානු රුපියල් ලක්ෂ 50

චරිත් අසලංක - ඉන්දියානු රුපියල් ලක්ෂ 50

නිරෝෂන් දික්වැල්ල - ඉන්දියානු රුපියල් ලක්ෂ 50

කුසල් මෙන්ඩිස් - ඉන්දියානු රුපියල් ලක්ෂ 50

කුසල් පෙරේරා - ඉන්දියානු රුපියල් ලක්ෂ 50

අකිල ධනංජය - ඉන්දියානු රුපියල් ලක්ෂ 50

භානුක රාජපක්ෂ - ඉන්දියානු රුපියල් ලක්ෂ 50

අවිශ්ක ප්‍රනාන්දු - ඉන්දියානු රුපියල් ලක්ෂ 50

පැතුම් නිස්සංක - ඉන්දියානු රුපියල් ලක්ෂ 50

චාමික කරුණාරත්න - ඉන්දියානු රුපියල් ලක්ෂ 50

දසුන් ශානක - ඉන්දියානු රුපියල් ලක්ෂ 50

තිසර පෙරේරා - ඉන්දියානු රුපියල් ලක්ෂ 50

ලහිරු කුමාර - ඉන්දියානු රුපියල් ලක්ෂ 50

ඉසුරු උදාන - ඉන්දියානු රුපියල් ලක්ෂ 50

ධනුෂ්ක ගුණතිලක - ඉන්දියානු රුපියල් ලක්ෂ 50

ධනංජය ලක්ෂාන් - ඉන්දියානු රුපියල් ලක්ෂ 50

සීක්කුගේ ප්‍රසන්න - ඉන්දියානු රුපියල් ලක්ෂ 50

නුවන් තුෂාර - ඉන්දියානු රුපියල් ලක්ෂ 20

කෙවින් කොත්තිගොඩ - ඉන්දියානු රුපියල් ලක්ෂ 20

මතීෂ පතිරණ - ඉන්දියානු රුපියල් ලක්ෂ 20

දුනිත් වෙල්ලාලගේ - ඉන්දියානු රුපියල් ලක්ෂ 20

මෙවර තරගාවලිය සඳහා වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 590කි.

No comments:

Post a Comment

Post Bottom Ad