පාර්ලිමේන්තුව විසුරුවීම ගැන කතානායක කියයි... පාර්ලිමේන්තුව ඇතුලේ බල වෙනසක් ගැනත් කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 28, 2022

පාර්ලිමේන්තුව විසුරුවීම ගැන කතානායක කියයි... පාර්ලිමේන්තුව ඇතුලේ බල වෙනසක් ගැනත් කියයි

පාර්ලිමේන්තුවේ බහුතරයක් ලිඛිතව ඉල්ලා සිටිය ද වසර දෙක හමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරීමට ජනාධිපතිවරයාටද හැකියාවක් නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ බව සඳහන්ව ඇති බවත් හෙතෙම පැවසීය.

නිසාම එම කාලය ගත වන තුරු කිසිම ක්‍රමයකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කිසිවකුට නො හැකි බව ද හෙතෙම සදහන් කරයි.

කෙසේ නමුත් පාර්ලිමේන්තුව ඇතුලේ මන්ත‍්‍රීවරුන් එක්වී කිසියන් වෙනසක් සිදු කරන්නේ නම් එය වෙනම තත්ත්වයක් බවත් පාර්ලිමේන්තුව විසුරුවීම වසර දෙක හමාරක් යන තුරු ජනාධිපතිවරයාටද බලයක් නැතැයි හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ඔහු මේ බව සදහන් කලේ මාතරදී පැවති උත්සව අවස්ථාවකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad