පොහොට්ටුවේ මංගල රැලිය අතරමග නවතියි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 23, 2023

පොහොට්ටුවේ මංගල රැලිය අතරමග නවතියි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පැවැත්වීමට නියමිත කරගෙන තිබූ මංගල ජන රැළිය කල් දැමීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඊයේ (23) පස්වරුවේ ශ්‍රී.ල.පො.ජ.පෙරමුණේ සාමාජිකයින් ‍පක්ෂ මූලස්ථානයේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි මෙම තීන්දුව ගෙන ඇති බවයි වාර්තා වන්නේ.  
 
මෙම කල් දැමීම තාවකාලිකව සිදු කළ ක්‍රියාවක් බව ඔවුන් පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල ජන රැළිය පැවැත්වීමට සුදානම් කර තිබුණේ අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයේදියි.


No comments:

Post a Comment

Post Bottom Ad