මහමළුවට බෝම්බ ගහනවා කියා තර්ජනය කළා - මිහින්තලා හිමි හෙලිදරවුවක (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 8, 2023

මහමළුවට බෝම්බ ගහනවා කියා තර්ජනය කළා - මිහින්තලා හිමි හෙලිදරවුවක (VIDEO)

වර්තමානයේ මෙරට බොහෝ පාලකයින් කිසිදු අවස්ථාවක ත්‍රෛයිනිකායික මහ නාහිමිවරුන්ගේ උපදෙස් පිළිනොගත් බව මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසති.

මෙරට ඇතැම් පුද්ගලයින් මහ මළුවට පවා බෝම්බ ගසන බවට තර්ජනය කරමින් මහ නාහිමිවරුන්ගේ අවවාදානුශාසනා බැහැර කිරීමට පියවර ගත් බවත් උන් වහන්සේ පවසති.

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද වන විට රාජපක්ෂ පවුලේ ඉත්තෙක් සහ කොන්ත්‍රාත්කරුවෙකු බවට පත්ව ඇති බවත් ඔහු ඒ ඔස්සේ දේශපාලන තීන්දු තීරණ ගනිමින් සිටින බවත් පවසන උන්වහන්සේ කියා සිටිති.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක කිරීමට රජය කටයුතු කල හොත් බරපතල ප්‍රතිවිපාක වලට රජයට මුහුණ දීමට සිදුවනු ඇති බවද හිමියන් වැඩි දුරටත් අවධාරණය කරති.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනටය ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව පැවති භික්ෂු විරෝධතා පා ගමන සම්බන්ධයෙන් අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පල කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad