යුරෝපා රටවල් රැසකින් රිලා ඕඩර් ආවා... දඬුලේනුන්, මොණරැ, වල්ඌරන්, ඉත්තෑවුන් අපනයනටත් සූදානම් - මහින්ද අමරවීර - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 20, 2023

යුරෝපා රටවල් රැසකින් රිලා ඕඩර් ආවා... දඬුලේනුන්, මොණරැ, වල්ඌරන්, ඉත්තෑවුන් අපනයනටත් සූදානම් - මහින්ද අමරවීර

වගා හානි කරන රිලවුන් පමණක් නොව දඬුලේනුන්, මොණරුන්, වල් ඌරන්, ඉත්තෑවුන් වැනි සතුන් ද විදේශ රටවලින් ඉල්ලීමක් කරන්නේ නම් එම සතුන් අපනයනය කිරීමට සූදානම් බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

මෙරට පොල් වගාවට වැඩිම හානිය කරණය රිලවුන් වඳුරන් හා දඬු ලේනුන් බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය වාර්තාවක සඳහන් බව ද හෙතෙම පැවසීය.

පසුගිය 2022 වසරේ මුල් මාස හය තුළ පොල් ගෙඩි මිලියන 93ක් වඳුරන්, රිලව් හා දඬුලේනුන් විසින් විනාශ කර ඇති බවද 2022 වසර අවසන් වන විට එම ප්‍රමාණය පොල් ගෙඩි මිලියන 200 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

මෙරට රිලවුන් ලබා ගැනීම සඳහා චීනය පමණක් නොව ඇමරිකාව මෙන්ම යුරෝපා රටවල් කිහිපයකින් ද විමසීම් සිදුකර ඇති බවද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad