සමාවෙන්න…රෝහිණී ගැන කී කතාව ගැන සුසිල් සමාව ඉල්ලයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 28, 2023

සමාවෙන්න…රෝහිණී ගැන කී කතාව ගැන සුසිල් සමාව ඉල්ලයි!

තමන්ට අසභ්‍ය වචනයෙන් බැණ වැදුනු බවට රෝහිනී කුමාරි කවිරත්න විසින් අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත එරෙහිව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමෙන් අනතුරුව අද අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත තමන්ගෙන් සිදුවූ වරද සම්බන්ධව අද පාර්ලිමේන්තුවෙන් සමාව ඇයැද සිටියේය.

විශේෂ ප්‍රකාශයක් කරමින් අධ්‍යාපන ඇමතිවරයා මෙසේ කීවේය.
 
රෝහිණී කුමාරි විජේසිංහ මැතිනිය විසින් 2023 03 23 දින අධ්‍යාපන  අමාත්‍යාංශයේ සිදුවීමක් සම්බන්ධව පසු දින 24 පාර්ලිමේන්තුවේ දී සිදුකළ විමසීමක දී එතුමිය හා මා අතර ඇති වූ සංවාදය අතරතුර එතුමියගේ සිත් රිදවීමක් සිදුවීම පිළිබඳව නැවත වරක් මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන බව මේ ගරු සභාවටට දන්වා සිටිමි.

අනතුරුව ඉංග්‍රීසි භාෂාවෙන් සිය ප්‍රකාශය කරමින් අධ්‍යාපන ඇමතිවරයා පැවසුවේ එදින කුමණ හෝ  ප්‍රකාශයක් හේතුවෙන් ඇය අපහසුතාවයට පත් වී නම් තමන් සමාව ඉල්ලා සිටින බව ය.


No comments:

Post a Comment

Post Bottom Ad