ඊයේ රාත්‍රියේ සිට අතිවිශාල ජනකායක් කොච්චිකඩේට පා ගමනින් පැමිණෙමින් සිටී! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 20, 2023

ඊයේ රාත්‍රියේ සිට අතිවිශාල ජනකායක් කොච්චිකඩේට පා ගමනින් පැමිණෙමින් සිටී! (VIDEO)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරක් සපිරීම නිමිත්තෙන් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය දක්වා මේ වනවිට පාගමන මේ වනවිට පැවැත්වෙමින් තිබේ.

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සිව්වන වර්ෂ පූර්ණය අද දිනයේ, ප්‍රහාරයෙන් මියගිය තැනැත්තන් සිහිකරමින් සහ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා සිටිමින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ජන පවුරක් නිර්මාණය කරන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ කතෝලික සභාව පසුගියදා නිවේදනය කළා.

ඊට සමගාමීව අද පස්වරුවේ කටුවාපිටිය දේවස්ථානයේදී විශේෂ දේව මෙහෙයක්ද පැවැත්වුණි.


No comments:

Post a Comment

Post Bottom Ad