Xpress pearl නැවේ වන්දිය වෙනුවට අල්ලස ගත් ගෝටාභයගේ හිතවතාගේ නම එළියට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 25, 2023

Xpress pearl නැවේ වන්දිය වෙනුවට අල්ලස ගත් ගෝටාභයගේ හිතවතාගේ නම එළියට

Xpress pearl අල්ලස ගත් ගෝටාභයගේ හිතවතාගේ නම එළියට

කොළඹ ආසන්න මුහුදේදී ගිනිගෙන විනාශයට පත්වූ Xpress pearl නෞකා අනතුරෙන් අල්ලස් ගෙන ඇත්තේ එංගලන්කයේ වෙසෙන චාමර ගුණසේකර නම් පුද්ගලයෙකු බව තොරතුරු වාර්තා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි.

ඩොලර් මිලියන 250 ක් බව කියන එම අල්ලස් මුදල තැන්පත් කර ඇති ගිණුම් හිමිකරු මෙම චාමර ගුණසේකර නැමැත්තා බවටත් තොරතුරු පළ වන බවද හෙතෙම පැවසීය.මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදු වචනයක් ප්‍රකාශ නොකර සිටීම සැක සහිත එවකට ජනාධිපති වූ ඔහු තම මතය මේ සම්බන්ධ ප්‍රකාශ කළ යුතුව ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

මෙම අනතුරින් කිසිවෙකු හෝ අල්ලසක් ගෙන ඇත්නම් ඊට හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාටද වගකීමක් ඇති බවත් ඔහු ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ යුතු බවත් හෙතෙම පවසයි.

චාමර ගුණසේතර නමැත්තා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිතවතෙකු බවට ද වාර්තා ඇතැයිද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad