චැනල් 4 ප්‍රවෘත්තිය පාර්ලිමේන්තුව උණුසුම් කරයි – මනූෂගෙන් ප්‍රකාශයක් (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 5, 2023

චැනල් 4 ප්‍රවෘත්තිය පාර්ලිමේන්තුව උණුසුම් කරයි – මනූෂගෙන් ප්‍රකාශයක් (VIDEO)

මෙරට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් “චැනල් 4” නාලිකාව කළ හෙලිදරව්ව ගැන සෙවීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම පිළිබඳවත් ඊට අමතරව ජාත්‍යන්තරවත් පරීක්ෂණ අවශ්‍ය නම් රජයක් ලෙස ඒ සම්බන්ධවත් කටයුතු කිරීමටත්  කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවා.

සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් මනුෂ නානායක්කාර මහතා මේ බව සඳහන් කළා.

එම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට කිසිදු අයුරකින් රජය පසුබට වන්නේ නැතැයි නානායක්කාර මහතා සඳහන් කළා.

පාස්කු ප්‍රහාරය සම්බන්දව බරපතල ප්‍රකාශයක් චැනල් 4 නාලිකාවෙන් ඉදිරිපත් කළ බවත් ඒ තොරතුරු සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකළ යුතු යැයි හෙක්ටර් අප්පුහාමි  මහතා ඉල්ලා සිටියා.


No comments:

Post a Comment

Post Bottom Ad