මිලියන 36ක හෙරොයින් සමඟ යුවලක් අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 30, 2019

මිලියන 36ක හෙරොයින් සමඟ යුවලක් අත්අඩංගුවට

මිලියන 36ක හෙරොයින් සමඟ යුවලක් අත්අඩංගුවට

මිලියන 36කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 03ක් සමඟ යුවලක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අදාළ වැටලීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කිරිබත්ගොඩ  ප්‍රදේශයේදී ඊරියවැටිය පාර ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබු හෙරොයින් ග්‍රෑම් 100ක් අත්අඩංගුවට ගන්නා ලදි.

ඉන් අනතුරුව සිදුකරන ලද වැඩිදුර විමර්ශනයකදී සැකකරුවන්ගේ නිවස පරීක්ෂා කිරීමේදී නිවස තුළ තිබී තවත් හෙරෝයින් කිලෝග්‍රෑම් 03කට අධික ප්‍රමාණයක් සහිත පාර්සල් 03ක් සොයා ගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් 34 සහ 36 හැවිරිදි අඹුසැමි යුවලක් බව වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad