71 වන නිදහස් දින සැමරුමට මාලදිවයින් ජනපති සහභාගී වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 22, 2019

71 වන නිදහස් දින සැමරුමට මාලදිවයින් ජනපති සහභාගී වෙයි

71 වන නිදහස් දින සැමරුමට මාලදිවයින් ජනපති සහභාගී වෙයි

පෙබරවාරි 04 දා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් උත්සවයේ  ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාලදිවයිනේ නව ජනපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි එක්වීමට නියමිතය.

මේ පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනාව මාලදිවයින් ජනපතිවරයා විසින් පිළිගෙන තිබේ.

ඒ අනුව ඔහු පෙබරවාරි 03 දා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය. මාලදිවයින් ජනපතිවරයා ධූරයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ කළ පළමු නිල සංචාරයද මෙය වෙයි.

නිදහස් දින සැමරුම් හේතුවෙන් පැවැත්වීමට නියමිත පෙර පුහුණුවීම් නිසා ගාලුපාර කොල්ලුපිටිය ප්‍රදේශ‌යේ සිට කොටුව ලෝටස් වටරවුම දක්වා වසා තැබෙන බව පොලීසිය පවසයි.

ඒ අනුව ජනවාරි මස 26, 27, 31 සහ පෙබරවාරි මස 1,2,3 පෙරවරු 6.30 සිට පස්වරු 1.00 දක්වා එම මාර්ගය වසා තැබෙනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad