බොරැල්ල ට්‍රැෆික් ඕඅයිසීට බරපතල තුවාල කරමින් ඉස්කෝලෙ යාළුවො එක්ක ඩිෆෙන්ඩර් පැද්ද ජනපති ආරක්ෂකේ පොලිස් පුතා අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 24, 2019

බොරැල්ල ට්‍රැෆික් ඕඅයිසීට බරපතල තුවාල කරමින් ඉස්කෝලෙ යාළුවො එක්ක ඩිෆෙන්ඩර් පැද්ද ජනපති ආරක්ෂකේ පොලිස් පුතා අත්අඩංගුවට

https://www.gossiplankanews.com/2019/02/borella-oic-accident.html#more
ද උදෑසන  4.35ට පමණ යතුරු පැදියක ගමන් කරමින් සිටි බොරැල්ල පොලිසියේ රථවාහන ස්ථානාධිපතිවරයාව හප්පා බරපතල තුවාල සිදුකර පළාගිය සුදු පැහැති ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රිය ජනපති ආරක්ෂක අංශයට අයත් පොලිස් අධිකාරීවරයෙකුගේ පාසල් යන වයසේ පුතෙකු
සිය මිතුරන් සමග ගමන් කරනලද එකක් බව පොලිස් විමර්ශනවලදී අනාවරණයවී තිබෙන අතර මේ වනවිට එය පැදවූ පුත්‍රයා අත්අඩංගුවට පත්ව තිබේ.
උදෑසන බම්බලපිටිය ගාලු පාරේ කොල්ලුපිටිය දෙස සිට අධික වේගයෙන් ගමන් කරමින් තිබූ මෙම රථය වැල්ලවත්ත දෙසට ධාවනය වූ පොලිස් ස්ථානාධිපතිවරයා

ගමන්ගත් යතුරු පැදියේ ගැටී ඇත්තේ ඩුප්ලි බුලස් හන්දියේදීය.
එම අවස්ථාවේ සරත්චන්ද්‍ර නමැති මේ කියන රථවාහන ස්ථානාධිපතිවරයා හදිසි රාජකාරියක් සඳහා කොල්ලුපිටිය පොලිසිය වෙත ගමන් කරමින් සිටි බව කියැවේ.
පොලිසිය අනතුර සිදු වූ අවට සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමේදී  යතුරු පැදිය හා ඩිෆෙන්ඩර් රථය එකිනෙකට ගැටීමෙන් පසු එහි රියදුරු ලෙස සිටි පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයා ඩිෆෙන්ඩර් රථයෙන් බැස තුවාල ලබා සිටි පොලිස් ස්ථානාධිපතිවරයාගේ අසලට ගොස් පරීක්ෂා කර බලන නමුත් කිසිවක් නොකරම නැවත ඩිෆෙන්ඩර් රථයට නැග පිටව යන අයුරු දක්නට ලැබෙන බව වාර්තාවේ.අනතුර සිදු වන අවස්ථාවේ අදාළ ඩිෆෙන්ඩර් රථයේ පුද්ගලයින් හතර දෙනෙකු සිට ඇති බවද පෙනෙන්නට තිබී ඇත.

බරපතල තුවාල ලබා සිටි නිලධාරියාව රෝහල් ගත කර ඇත්තේ අසළ සිටි වෙනත් අයයි.
අනතුර සිදුකර පළා ගිය ඩිෆෙන්ඩර් රථය තුම්මුල්ල දෙසට හරවන අවස්ථාවේ ආලෝක සංඥා පුවරුවේ රතු ආලෝකය දැල්වෙමින් තිබුණද එය නොතකා ධාවනය කර ඇති බවද පසුව සිදු කළ නිරීක්ෂණ අනුව වාර්තාවී  තිබේ.

පසුව රථයේ අංකය ඔස්සේ පොලිසිය මේ ගැන සොයා බැලූ අතර පළා ගිය ඩිෆෙන්ඩර් රථය අද දහවල් බත්තරමුල්ල

ප‍්‍රදේශයේ නිවසක නවතා තිබියදී සොයාගන්නට පොලිසිය සමත්විය. පොලීසිය පැවසුවේ එය අංක 727, පැගෝඩා ගාර්ඞ්න්, පැලවත්ත, බත්තරමුල්ල යන ලිපිනයේ පොලිස් අධිකාරීවරයාට අයත් නිවසේ ගාල් කර තිබූ බවයි. එම පොලිස් අධිකාරීවරයා ජනපති ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරී කරන නිලධාරියෙකු බවද රථයේ ගමන් කර ඇත්තේ කොළඹ ප්‍රධාන පෙළේ ජනප්‍රිය පාසලක ඉගෙනුම ලබන ඔහුගේ පුතු ඇතුළු 4 දෙනෙකු බවද පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
මේ අනුව රථය පැදවූ පොලිස් අධිකාරීවරයාගේ පුත‍්‍රයා පොලිස් අත්අඩංගුවට  පත් විය.
අධික වේගයෙන් රිය පැදවීම,අනතුරක් සිදු කිරීම, අනතුර සිදු කර පළායාම, මාර්ග සංඥා නොතකා ධාවනය ඇතුළු වරද ගණනාවකට ඔහු යටත්වනු ඇතැයි පොලිස් ආරංචි වාර්තා කර තිබේ.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ පොලිසියේ ස්ථානාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවමත් ප්‍රතිකාර ලබන අතර ඔහුට සැත්කම් කිහිපයක් කර ඇති බවද පොලිසිය පැවැසීය.
පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad