සේවා අවශ්‍යතාවක් නොමැතිව කරන ලද අනිසි බඳවා ගැනීමකට විරෝධය පළකරමින් දිවයින පුරා රජයේ ඖෂධවේදීහු අද (01) ලෙඩ නිවාඩු දමා ඇත.
මේ සම්බන්ධව අදහස් දක්වමින් රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රියංකර පෙරේරා මහතා පැවසූයේ වැඩ වර්ජනය ක්‍රියාත්මක වුවද ළමා රෝග, පිළිකා, වකුගඩු රෝග සහ හදිසි අනතුරු වැනි අත්‍යාවශ්‍ය කටයුතු රෝගීන්ට අපහසුතාවයක් සිදු නොවන පරිදි පවත්වාගෙන යන බවයි.
අද(01) සවස සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමග සාකච්ඡාවක් පවැත්වීමට වාචික කැඳවීමක් ලැබී ඇති බවත් ගැටලුව යහපත් ලෙස විසඳේ යැයි බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
මීට පෙර මෙම ගැටලුව සම්බන්දව දැනුම් දුන්නද සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත් බැවින් වැඩවර්ජනයක් සිදුකිරීමට තීරණය කළ බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ය.
Thursday, January 31, 2019
දිවයින පුරා ඖෂධවේදීහු වැඩ වරති
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment