ඊශ‍්‍රායලයට පනින්න හැදූ පිරිස අතරේ මධුෂ්ගේ ගෝලයෝ 13ක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 20, 2019

ඊශ‍්‍රායලයට පනින්න හැදූ පිරිස අතරේ මධුෂ්ගේ ගෝලයෝ 13ක්

File Photo

පාතාල නායකයකු වන මාකඳුරේ මධුෂ්ගේ ගෝලයන් 13 දෙනකු ඇතුළු ශ‍්‍රී ලාංකිකයන් 60 දෙනකු සංචාරකයන් ලෙසින් ඊශ‍්‍රායලයට යෑමට උත්සාහ කිරීමේදී එරට බලධාරීන් විසින් ඊයේ (20) අත්අඩංගුවට ගෙන ඇත.
 
සංචාරක වීසා මත එරට බෙන්ගුරියන් ගුවන් තොටුපොළ වෙත පැමිණි මෙම පිරිස අතර ද්‍රවිඩ ජාතිකයන්ද සිටින බව වාර්තා වේ.
 
ශ‍්‍රී ලංකා පොලිසිය මධුෂ්ගේ ගෝලයන් පසුපස හඹා යෑම නිසා මෙම ගෝලයන් පිරිස සංචාරක වෙස් ගෙන ඊශ‍්‍රායලය වෙත පැමිණ ඇත. 
 
ඊශ‍්‍රායලයට පැමිණි පිරිස සංචාරකයන් නොවන බව ඊශ‍්‍රායල් බලධාරීන් සොයාගෙන තිබේ.
 
මෙම ශ‍්‍රී ලාංකිකයන් ඊශ‍්‍රායලයට ගෙන්වීමට ඇප වී ඇත්තේ දේවගැතිවරයකු බව වාර්තා වේ.
 
බෙන්ගුරියන් ගුවන් තොටුපළේදී මොවුන් අසුවීම ගැන ඊශ‍්‍රායල් බලධාරීන් මෙරට විශේෂ කාර්ය බළකායට දන්වා ඇත.
 
අත්අඩංගුවට ගත් පිරිස ආපසු මෙරටට එවීමට ඊශ‍්‍රායලය තීරණය කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad