ආණ්ඩුවේ කන්තෝරුවල ලොක්කො අද (27) වර්ජනයේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 26, 2019

ආණ්ඩුවේ කන්තෝරුවල ලොක්කො අද (27) වර්ජනයේ

ජාතික වැටුප් ප්‍රතිපත්තියට පටහැනිව නීති නිලධාරීන්ට පමණක් වැටුප් හා දීමනා වැඩිවීමක් ලබාදීමට
විරෝධය පළකරමින්
රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද 27 සංකේත වර්ජනයක නිරතවේ.
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය, දේශීය ආදායම් වෘත්තිය සමිති එකමුතුව, සමස්ත ලංකා ගුරු අධ්‍යාපන සේවා සංගමය ඇතුලු වෘත්තිය සමිති 15ක රාජ්‍ය සේවයේ විධායක නිළධාරීන් 15,000ක් පමණ මෙම වර්ජනයට එක්ව සිටී.
ඉල්ලීම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ඇතුලු වගකිවයුතු නිලධාරින් සමග කළ සාකච්ඡා
අසාර්ථක වී තිබීම මත වර්ජනය කැඳවා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad