ඉන්දන නෑ.. ඇමතිවරුන්ට හෙලිකොප්ටර් නවතයි.. ජනාධිපති-අගමැති පමණයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 26, 2022

ඉන්දන නෑ.. ඇමතිවරුන්ට හෙලිකොප්ටර් නවතයි.. ජනාධිපති-අගමැති පමණයි

කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට රටේ විවිධ ස්ථානවලට ගමන් කිරීම සඳහා ආක්ෂක අමාත්‍යාංශයේ විශේෂ අවසරයකින් තොරව හෙළිකොප්ටර හෝ ගුවන් යානා ලබාදීම නතර කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව තීරණය කර තිබේ.

පවතින ඉන්ධන ප්‍රශ්නය ඇතුළු හේතු කාරණා ගණනාවක් පදනම් කරගෙන එම තීරණයට එළඹි බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක දුෂාන් විජේසිංහ මහතා පැවසීය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා හා අගමැතිවරයා මෙන්ම විදේශීය රාජතාන්ත්‍රිකයන් ගේ සංචාර සඳහා හෙලිකොප්ටර් හා ගුවන් යානා ලබාදීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව බැඳී සිටින බව ද හෙතෙම පැවසීය.

මේ අතර හිටපු මැති ඇමතිවරුන් ගණනාවක් ඔවුන්ගේ ගුවන් සංචාර වෙනුවෙන් ගුවන් හමුදාවට රුපියල් කෝටියකට වැඩි මුදලක් මෙතෙක් ගෙවා නැතැයිද සඳහන් වෙයි.

හෙලිකොප්ටර් යානයක් පැයක පියාසර කාලයක් සඳහා වැය කරන ඉන්ධන ප‍්‍රමාණය ලීටර් පන්සියයක් පමණ වේ.


No comments:

Post a Comment

Post Bottom Ad