දැරියකට බරපතළ ලිංගික අපයෝජන සිදු කළ රත්තරංට ඇප - විගස පුවත් - Vigasapuwath

Thursday, February 28, 2019

දැරියකට බරපතළ ලිංගික අපයෝජන සිදු කළ රත්තරංට ඇප

දැරියකට බරපතළ ලිංගික අපයෝජන සිදු කළ රත්තරංට ඇප

ළමා අපයෝජන චෝදනා මත අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා ඇප මත මුදාහැරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අධිකරණය ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 25,000ක මුදල් ඇපයක් මත මුදාහැරීමට නියෝග කෙරුණු බව වාර්තා වේ.

පසුගිය 23 වැනිදා බටදූව ප්‍රදේශයේ දේවාලයක දී 16 හැවිරිදි ගැහැණු ළමයෙකු ලිංගික අපයෝජනයට ලක් කළ බවට සන්ධාන පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර නොහොත් රත්තරන් යන අයට එරෙහිව අක්මීමන පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදුකරන අතරතුර අද පෙරවරුවේ මන්ත්‍රීවරයා නීතීඥවරයෙකු සමග අක්මීමන පොලිස් ස්ථානයට පැමිණ භාරවී තිබූ අතර එහිදී  ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *